Star Warsහි Ubisoft ආගමනය!

පහුගිය දවසක Ubisoft විසින් Star wars Open world Game එකක් ගැන එකවරම නිවේදනය කලා,ගොඩක් දෙනා Social media හරහා ඒ ගැන මේ වෙනකොටත් දැනුවත් ඇති,ඉතින් මෙච්චර කල් Star wars Games Develop කරපු EA Companyයෙන් Continue කරගෙන ආපු සීරීස් එකක් එක්ක කොහොමද Ubisoft සම්බන්ධ උනේ?අන්න ඒ ගැන අද අපි කතා කරමුකරමු!


Gaming Industry එක දිහා හැරිලා බලනකොට Film ආශ්‍රයෙන් නිර්මාණය උන Games සහ Games ආශ්‍රයෙන් නිර්මාණය උන Films ගැනත් අපි අහලා තියෙනවා,ඉතින් මුල් නිර්මාණයේ,ඒ කියන්නෙ මුලින් හදපු Film එකේ හෝ Game එකේ සාර්ථකත්වය මත තමයි ඊළග නිර්මාණය තීරණය වෙන්නෙ,මේකට හොදම උදාහරණයක් තමයි Max payne,Film එකක වගේ තිබුණ Story එක සහ Game එක ලබපු සාර්ථකත්වය මත පස්සෙ max payne Film එකක් නිර්මාණය උනා.Film එකකින් නිර්මාණය වෙච්ච Game එකක් විදිහට ගන්න පුලුවන් හොදම උදහරණයක් තමයි අද අපි කතා කරන Star Wars Franchise එක

Star Wars උපත ගැන හොයාගෙන යනකොට 1977දී මේ නමින්ම නිර්මාණය වෙච්ච Film එකකින් තමයි මේ ගමන ආරම්භ වෙන්නෙ,මේක නිර්මාණය කරන්නෙ විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂක සහ නිශ්පාදකයෙක් වෙච්ච Jorj Walton Lucas විසින්.Luca විසින් 1971දී Lucas Film Companyය පටන් ගන්නවා.ඉතින් Film එක ගැන කතා කලොත් ඒ කාලෙ වෙනකොට සෑහෙන අවධානයක් දිනා ගන්න Star Warsසමත් උනා.මේ ජනප්‍රියත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පැරණිතම වාණිජ සමාගමක් වෙච්ච Parker brothers සමත් උනා,parker Brothers ගැන කතා කලොත් ක්‍රි.ව 1883දි ගොඩක් දෙනා දන්න Monopoli Board game එකේ නිර්මාණය කරපු Companyය තමයි මේ.ඉතින් Star wars සම්බන්ධ game එකකට මුල්ම නීතිමය අවසරය ගන්න parker Brothers යොමු වෙනවා.මේකෙ ප්‍රතිඵලයක් විදිහට 1982දි Star Wars:Empire Strike Back game එක නිර්මාණය වෙනවා


ඉතින් කොහොම උනත් 1982 වෙනකන් අවුරුදු පහ ඇතුලෙ Game development company කිහිපයක්ම Star Wars Game Develop කරන්න ඕනි නීතිමය අවසරය අරගෙන තිබුනෙ.Film වලට වගේම Game වලටත් ලොකු අවධානයක් තියෙනවා කියලා අවබෝධ කරගත්ත Lucas Filmත් මේ Game Development වැඩේට අත ගහනවා.ඊට පස්සෙ තමයි Lucas Films Games නමින් Development Company එකක් ආරම්භ උනේ.ඒත් LFG ඒ වෙනකොටත් පරක්කු වැඩීයි,ඒ වෙනකොටත් Company කිහිපයකටම අවශ්‍ය නීතිමය අවසරය ලැබිලයි තිබුනෙ.ඉතින් මේ හින්දා ඔවුන්ට 1993 වෙනකන් බලන් ඉන්න උනා.මේ අතරදෙ Companyයෙ නම Lucas Arts ලෙස නම් කරන්නත් ඔවුන් කටයුතු කලා.කොහොම උනත් 1993දි Star Wars:X Wing මුල්ම Game එක එළිදක්වන්න කටයුතු කරනවා

1995න් පස්සෙ කාලය Lucas Arts වලට එතරම් සුභ කාලයක් උනේ නෑ මොකද මේ වෙනකොටත් 3D Technology එක කරළියට ඇවිත් ඒ හරහා Games නිර්මාණය වෙන්න පටන් අරගෙන තිබ්බෙ.ඉතින් මේ අලුත් තාක්ෂණය වැළද ගන්න බැරි,යල්පැනගිය Studio එකට අනෙක් ඒවත් එක්ක තරග කරන්න බැරි තත්වයක් තමයි උදා උනේ.මේ තත්වය අවබෝධ කරගත්ත ඔවුන් සාකච්ඡා වට කිහිපයකට පස්සෙ තීරණය කරනවා Game Develop කරන එක නවත්තලා 3rd party publisher කෙනෙක් විදිහට කටයුතු කරන්න.ඒ කියන්නෙ වෙනත් Companyයක් හරහා Develop වෙන Star Wars Games Publish කරන්නෙ Lucas Arts හරහා.

ඉතින් ඊට පස්සෙ උදා උනේ Lucasලගෙ ස්වර්ණමය යුගය,Company කිහිපයකින් Develop වෙච්ච මේ Star Wars Games සෑහෙන්න හොද ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් උනා.ඒත් 2008න් පස්සෙ Lucas Arts වල ලොකු අතු කිහිපයක්ම විවිධ හේතු මත ආයතනයෙන් ඉවත් වෙලා තිබුනා,ඉතින් මේ කරුණු කාරණා එක්ක 2012 ඔක්තෝබර් මාසය වගේ වෙනකොට ඔවුන් තීරණය කරනවා Company එක Disney වලට විකුණා දමන්න.ඒ වෙනකොටත් ඇ.ඩො.බි 1.8ක වත්කමුත්,ඇ.ඩො.බි 2.2කුත් වියදම් කරලා තමයි මේ Lucas Arts මිලදී ගන්නෙ.

ඉතින් මීට පස්සෙ උදා උනේ Lucas Artsවල අදුරු කාලය කිව්වොත් නිවැරදියි.ඒ මොකද කිව්වොත් Disneyවලින් මාසයක් ගතවෙන තැනම වැඩ කරපු සේවකයන්ගෙන් බහුතරයක් අයින් කරන්න කටයුතු කලා,ඉතින් 2013වගේ කාලය වෙනකොට Lucas Artsවල වැඩ සම්පූර්ණයෙන්ම වගේ නතර උනා,මේත් එක්කම ඔවුන්ගෙ ප්‍රකාශන අයිතියත් වෙනත් Company වලට ලබා ගන්න පුලුවන් උනා.ඉතින් ඊළගට කතාවට එන්නෙ කවුරුත් දන්න EAලා.මේ ප්‍රකාශන අයිතිය ඔවුන් ලබා ගත්තට පස්සෙ Jedi fallen order වෙනකන් games 4ක් එළිදක්වනවා

ඔන්න දැන් තමයි අපි කතා කරන ප්‍රධාන මාතෘකාවට එන්නෙ,ඉතින් පහුගිය ජනවාරි11වෙනිදා Twitter පණිවිඩයක් නිකුත් උනා ඒ මෙච්චරකල් Lucas Arts නමින් තිබුණ Companyය 1982 පටන් ගත්තු මුල්ම නමට ඒ කියන්නෙ Lucas Films Games නමට මාරු උනා කියලා.මේකෙන් Lucasවල ප්‍රබල ආගමනයක ලකුණු පෙන්නුවා.ඉතින් මේකත් සනාථ කරගෙන ඊට දවසකට පස්සෙ Enounced කලා Lucas සතුව තිබුණු තව ජනප්‍රිය Title එකක් වෙච්ච Indiana Jones අලුත් Game එකක Development අයිතිය Bethesda Software වලට ලබා දුන් බව නිවේදනය කරන්න ඔවුන් කටයුතු කර තිබුනා


මේ රස්නෙ අඩු වෙලා යන්නත් කලින් ඒ කියන්නේ ඊට පස්සෙ දවසෙ 13වෙනිදා තමයි ගොඩක් දෙනාගෙ අවධානය ගත්ත මේ News එක Social Media වලට එකතු උනේ.ඒ තමයි Ubisoftලත් එක්ක Star Wars Game එකකට ගිවිසුම්ගත උනා කියන එක.2013දී EAලා මේ ලබාගත් අවසරය අනුව ඔවුන් දැනුම් දුන්නා Disney ගිවිසුමට අනුව ඔවුන්ට තව වසර 10ක් ඒ කියන්නෙ 2023 වෙනකන් Game Develop කිරීමේ අයිතිය තියෙන බව.ඒ කොහොම උනත් Lucasලට විතරයි Game Publish කිරීමේ අයිතිය තියෙන්නෙ.එතකොට EAලට සහ Ubisoft කියන Company දෙකටම අයිතිය තියෙනවා Game Develop කරන්න.Game එක ගැන තාම තොරතුරු ප්‍රකාශ කරලා නෑ ඒත් මේ Announcement එකත් එක්ක කියලා තිබුනා Ubisoftලා හදන මේ ඊළග Star Wars Game එක open world game එකක් කියලා.ඉතින් කලින් Star wars කිසිම Game එකක් Open world Concept එකෙන් ඇවිත් නෑ,මේක අපිට අනිවාර්යයෙන්ම අලුත් අත්දැකීමක් වෙයි.lucas කරපු මේ දැනුම්දීමට ප්‍රතිචාර විදිහට Ubisoft විසිනුත් Twitter හරහා නිවේදනය කරලා තිබුනා.

Game එකේ creative Director විදිහට වැඩ කරන්නෙ Julian Gerighty.ඉතින් Division 2,Crew වගේ game වලත් creative director විදිහට වැඩ කලේ Julian.game එකේ Development කටයුතු දීලා තියෙන්නෙ massiveලට මේගොල්ලොත් මේ දවස්වල ලොකු project එකකට අතගහලා තියෙන්නෙ,ඒතමයි ලෝකප්‍රකට Avatar Film එක ඇසුරෙන් හදන Game එකකට.මේ අලුත් game එකේ වැඩකටයුතුත් එක්ක අලුත් Developersලට අයදුම්පත් කැදවලා තිබුනා.ඒ කියන්නෙ Game එකේ Development තාම පටන් අරගෙනත් නෑ කියන එක.කොහොන උනත් avatar Game එක ලබන අවුරුද්දේ එයි කියලා තමයි කියන්නෙ,ඒ හින්දා massiveලා මේ දවස්වල ගොඩක් ඒකට Focus කරලා තමයි වැඩකරනවා ඇත්තෙ.ඉතින් EAලත් Game එකක් Develop කරලා මේ war එකට එකතු උනොත් අපිට බලාගන්න පුලුවන්  Ubisoftලද EAලද Development අතින් ඉස්සරහින් ඉන්නෙ කියලා!