GTA6 තවත් කල් යන ලකුණු!

ඉතින් Rockstarහි Gta පිළිබද වසර 07කට ආසන්න දැඩි නිහැඩියාව නිසා ඉතා ආසන්නයේ Gta6 Game එකක් Release වෙයි කියලා හුගක් දෙනා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා,Cyberpunk අපේක්ශා සහගත මට්ටමේ නොවීමත් එය ලැබූ අසාර්ථකත්වයත් නිසා මීළග open world game එකක් විදිහට gta 6 ගැන හුගක් දෙනා අවධානෙන් ඉන්නවා කිව්වොත් නිවැරදියි.ඉතින් මේ කාලයේ Gta 6 පිළිබද,ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් ගොඩක් දෙනා සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය කට කතා පතුරවනවා.මේ නිසා නිවැරදි තොරතුරු මොනවද,වැරදි තොරතුරු මොනවද කියලා තෝරාබේරා ගන්න එක තරමක් අසීරු වෙලා තියෙනවා,මේ කාලසීමාවෙදිම සමාජ මාධ්‍ය ජාල වලට එකතුවුන ඡායාරූපයක් නිසා ඔන්න ආයෙමත් GTA6 ගැන ඒ ඔස්සේ වැඩිපුර කතාවෙන්න ගත්තා,ඉතින් අද අපි කතා කරමු අන්න ඒ ගැන!


මේ ඡායාරූපය සමාජ ජාලා වලට එකතු කරලා තිබුනේ chiko kan කියලා පුද්ගලයෙක්,තමන්ට Rockstars විසින් මීළග project එකකට සංගීතය සැපයීමට සම්බන්ධ කරගැනීමේ අරමුණින් එවන ලද email පණිවියක් තමයි මේ විදිහට පල කරලා තිබුනේ,ඉතින් email එකේ තියෙන විදිහට මේක ප්‍රධාන project එකක් බව දන්වලා තිබුනා,mail එක කියවගෙන යනකොට වැදගත් වාක්‍යක්  හම්බෙනවා,ඒ තමයි "We can't shed too much light on our projects just yet but one of them is going to be HUGE!",ඒ කියන්නෙ මේක Rockstarsලගෙ ප්‍රධාන series එකක game එකක් සහ මේකෙන් ජනතා උද්‍යෝගයක් ඇති වෙනවා වක්‍රාකාරයෙන් කියලා තියෙන්නෙ.

Chiko,විසින් පළ කර තිබූ ලිපිය,

මේ අනුව බලාගෙන යනකොට මේ ප්‍රධාන game එක gta6වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා,මොකද කිව්වොත් rockstarsලගෙ ප්‍රධාන game series තුනක් යටතේ හදුනා ගන්න පුලුවන්.ඒ තමයි,

  • •Red Dead Redemption 
  • •GTA
  • •Max Payne

කියන series තුන,ඉතින් මේවගෙනුත් Max payne series එක මේ වෙනකොට නතර කරලා දාලා තියෙන්නෙ,අපි ඒ ගැන කතා කරපු Article එක මේ, https://playarchive.blogspot.com/2021/01/max-payne-4-game-play-game-story-game.html කියව්වෙ නැත්නම් ඒකත් කියවන්න.අනිත් series එක තමයි Read Dead Redemption,ඉතින් මේකෙත් අවුරුදු 2 1/2 කලින් rdr2 release වෙච්ච නිසා ඒගැනත් අපිට නොසලකා හරින්න පුලුවන් සහ මීලගට මෙතනට ගැලපෙනම series එක වෙන්නෙ වසර හතකට ආසන්න කාලයක් තිස්සෙ දැඩි නිහැඩියාවක් ගත කල gta6 game එක.

  • මේ සිද්ධියෙන් Gta 6 ගැන ගන්න පුලුවන් අදහස් මොනවද?

ඉතින් මේ කරුණුකාරණා වලින් මේ develop වෙන්නෙ gta6නන් අපිට ඒ ගැන දළ අදහසක් ගන්න පුලුවන්.ඒ කොහොමද කිව්වොත්,chiko kan කියන පුද්ගලයා Rap සහ R&B ප්‍රියකරන ඒහා සම්බන්ධ නිර්මාණයන්හි නිරතවන්නෙක්.ඉතින් Rockstarsලා කියන විදිහට මේ තීරණේගත්තෙ මේ සංගීතයන් ශ්‍රවණය කිරීමෙන් පස්සෙ කියලා තමයි සදහන් වෙන්නෙ

  • එතකොට GTA6 වලට ඇයි Chiko kanවම තෝරගත්තෙ?

ඉතින් chiko කියන්නෙ සංගීත ක්ශේත්‍රයෙ ඉහළ අතු නෙවෙයි සහ අනික් කරුණ gta 5 සදහා සංගීතය සපයපු අවුරුදු 46ක ඉතිහාසයක් තියෙන සහ Red Dead සදහාත් සංගීතය සපයපු ජර්මානු සංගීත කණ්ඩායමක් වෙච්ච Tangerine Dreams සහ Woody Jacksonත් දායකත්වය සපයපු මේ වගේ ලොකු සංගීත පසුබිමක් තියෙද්දි ඇයි මේ වගේ කණ්ඩායමක් මේකට යොදාගත්තෙ කියන එක.තව වැදගත් කරුණක් සදහන් කරන්න ඕනෙ gta4 සදහා සංගීතය සැපයුවෙ ස්කොට්ලන්ත ජාතික michael Hunter,ඉතින් මේ වගේ දැවැන්තයො ඇයි මේකට සම්බන්ධ කර නොගත්තෙ.මේකට උත්තරේ තියෙන්නෙ Rockstarsලා ගාවම තමයි.

Chiko කියන්නෙ අප්‍රිකානු හුරුවට ඉංග්‍රීසි භාවිතා කරන්නෙක් ඉතින් මේත් එක්කම අවධානය යොමු වෙන ඊළග කරුණ තමයි Gta6වල Franklin වගේ චරිතයක් ඉන්නවද කියන එක.මේකෙන් Franklinගෙ කතාව ඉස්සරහට Continue වෙනවා වෙන්නත් පුලුවන්.

ඉතින් මේ තොරතුරු එක්ක අන්තිමේදි කියන්න තියෙන්නෙ මේ Develop කරන්නෙ gta6නම්,සංගීතය සදහා පුද්ගලයෙක් තෝරන්නෙ දැන් කියන්නෙ,game එකේ Development වලත් මූලික අදියරේ තියෙන්නෙ කියන එක.ඒ කියන්නෙ gta6ගැන 2022ත් බලාපොරොත්තු තියාගන්න බැරිවෙයි කියන කාරණාව.

අනිත් සැකයනම් මේ මේල් එක කාලෙකට කලින් එවපු එකක්ද කියන එක,ගොඩක් දුරට මෙහෙම වෙන්න විදිහක් නෑ මොකද chiko වගේ උඩ එන්න හදන පුද්ගලයෙක් අතින් මේක මගහැරෙයි කියලා හිතන්න බෑ.

Rockstarsලගෙ පරණ game එකක් වෙච්ච bully  අලුත් game එක 2021 එන්න තිබුණෙ,gta6වලට ලොකු අවධානයක් දෙන්න ඕනෙ නිසා ඒක නතර කරපු බව තමයි web අඩවි වල වාර්තා කරලා තිබුනෙ.

ඉතින් Gta V,Online වල පැවැත්ම තියාගෙන Rockstarsලට තියෙන හොදම අවස්ථාව තමයි gta 6 මේ වෙලාවෙ දිනයක් නැතුව දැනුම් දෙන එක,මේ තොරතුරුත් 100%ක් ඇත්ත කියන්නත් බෑ,අපි Rockstarsලගෙ Gta 6 ගැන ගන්න මීළග පියවර ගැන අවධානෙන් බලාගෙන ඉමු!